Archives: දෙසැම්බර් 2022

නිධානයක් සේ රැකගත් යාච්ඤාව

ක්ලාක්ස් නට්ක්‍රැක(ර්) යනු පුදුමාකාර පක්ෂියෙකි. සෑම වසරකම මෙම පක්ෂියා  සුදු පොතු පයින් ගසේ බීජ හතරක් හෝ පහක් බැගින් - පැයකට බීජ පන්සියයක් පමණ - කුඩා රහස් කාමරවල සඟවා ශීත ඍතුව සඳහා සූදානම් වෙයි. ඉන්පසුව, මාස කිහිපයකට පසු, එය අධික හිමවලින් වැසී තිබුණත් බීජ පිටතට ගැනීමට නැවත පැමිණෙයි. ක්ලාක්ස් නට්ක්‍රැක(ර්) පක්ෂියෙකුට බීජ සඟවා ඇති ස්ථාන දස දහසක් පමණ මතක තබා ගත…

ශාප කිරීමක් නැත

විලියම් ෂේක්ස්පියර් උපහාසයේ ප්‍රවීණයෙක් වූ අතර, නළු බැරී ක්‍රාෆ්ට් ෂේක්ස්පියර් උපහාස උත්පාදක යන්ත්‍රය නැමැති තම පොතේ අනර්ඝ ලෙස ඒවා භාවිතා කළේය. මෙම අනර්ඝ පොත සමන්විත වන්නේ ෂේක්ස්පියර්ගේ නාට්‍යවලින් ලබාගත් නොපැහැදිලි උපහාස වලින් ය. නිදසුනක් වශයෙන්, “කපටියා, ඔබ අදක්ෂ කයිවාරු කාරයෙක් විතරයි!” යැයි පවසන්නේ නැතුව, කාව්‍යමය භාෂාවෙන් එය ප්‍රකාශ කරයි. එනම්, සාමාන්‍යය වචන වලට වඩා බොහෝ නිර්මාණශීලීව නොපැහැදිළි ලෙස යමෙකු අවමානයට…

ඇදහිල්ලෙන් ස්ථිරව සිටීම

එක්තරා සමාගමක් 1998 දී ලොව වැඩියෙන්ම අලෙවි වන ජංගම දුරකථන සමාගම බවට පත් වූ අතර 1999 දී ඩොලර් බිලියන හතරක් දක්වා ලාභය ඉහළ යනු දුටුවේය. නමුත් 2011 වන විට අලෙවිය අඩු වෙමින් පැවති අතර ඉක්මනින්ම අසාර්ථක වූ දුරකථන සමාගමේ වෙළඳපොල මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් අත්පත් කර ගන්නා ලදී. පෙර කී ආයතනයේ ජංගම දුරකථන අංශයේ අසාර්ථකත්වයේ එක් සාධකයක් වූයේ විනාශකාරී තීරණ වලට…

නත්තල් ආශ්චර්යය

නිවසක භාවිතා කළ භාන්ඩ විකුණන විටදී, කාඩ්බෝඩ් පෙට්ටියක තිබී යේසු බිලිඳාගේ උපන් දින කට්ටලයක් මට හමු විය. මම යේසු බිලිඳාගේ ප්‍රතිමාව ගත් විට, ළදරුවාගේ සිරුරේ සියුම් ලෙස කැටයම් කර ඇති කොටස් මම දුටුවෙමි. මෙම අලුත උපන් බිළිඳා ඇස් වසාගෙන උණුසුම් රෙදි වලින් ඔතා නොතිබුණේය. එම ප්‍රතිමාවේ යේසු බිලිඳා අවදිව සිටින බව පෙන්වූ අතර දිගු කළ දෑත්වල ඇඟිලිද දිගු කර තිබුණි.…

සෑහීමකට පත්වෙමු

ෆිඩ්ලර් ඔන් ද රූෆ් ඉංග්‍රීසි චිත්‍රපටයේ, ටෙවීගේ චරිතය දෙවියන්වහන්සේ සමඟ උන්වහන්සේගේ ආර්ථික විද්‍යාව ගැන අවංකව කතා කරයි: “ඔබවහන්සේ බොහෝ දුප්පත් මිනිසුන් සෑදුසේක. ඇත්ත වශයෙන්ම, දුප්පත් වීම ලැජ්ජාවක් නොවන බව මට වැටහේ. නමුත් එය විශාල ගෞරවයක් ද නොවේ! ඉතින්, මට කුඩා ධනයක් තිබුණා නම් එය මෙතරම් භයානක විය හැක්කේ කෙසේද! . . . මම ධනවත් මිනිසෙක් වූවා නම්, එය මා පිළිබඳ…